දුම්රියේ හැපී එක වසරේ දැරියක් මිය යයි.


කොස්ගොඩ, පියගම දුම්රිය නැවතුම්පොළ අසලදී (28)  දුම්රියේ ගැටීමෙන් දැරියක් මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ නො.57, හෑගල්ල, පියගම, කොස්ගොඩ ලිපිනයේ පදිංචි පේයාහන්දි සිතුමි රුවින්සා ද සිල්වා නැමැති 06 හැවිරිදි දැරියකි.

පෙ.ව 7.05 ට කොළඔ, කොටුවෙන් පිටත්ව බෙලිඅත්ත බලා ධාවනය වන සුනාමී දුම්රිය හෙවත් කිරි කෝච්චිය නමින් දකුණේ ජනතාව හදුන්වන සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මෙම දැරිය මියගොස් තිබෙන අතර දැරිය කොස්ගොඩ, හෑගල්ල ජාතික පාසැලේ 1 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිට ඇති බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

මියගිය දැරිය, තවත් දැරියක් සමග නිවසට අවශ්‍ය ආහාර දව්‍යයක් ලබාගැනීම සදහා දුම්රිය මාර්ගය දිගේ නිවසට මදක් දුරින් පිහිටි කඩයක් වෙත යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙන බව කොස්ගොඩ පොලීසිය කියයි. මියගිය දැරිය සමග ගමන් ගත් අනෙක් දැරිය දුම්රිය පැමිණෙනවාත් සමගම දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන දිවිගලවාගෙන තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

මියගිය දැරියගේ හදිසි මරණ පරීක්ෂණය, ඌරගස්මන්හන්දිය හදිසි මරණ පරීක්ෂක ජී කේ පී ආර් පෙරේරා මහතා විසින් (28) පෙරවරුවේදී බළපිටිය මූලික රෝහලේදී පවත්වන ලදී. හදිසි මරණ පරීක්ෂකවරයා සිද්ධිය වූ ස්ථානයද නිරීක්ෂණය කර ඇති අතර බළපිටිය මූලික රෝහලේදී සාක්ෂි සටහන් කර ගෙන තිබේ.

මියගිය දැරියගේ හදිසි මරණ පරීක්ෂණය, ඌරගස්මන්හන්දිය හදිසි මරණ පරීක්ෂක ජී කේ පී ආර් පෙරේරා මහතා විසින් (28) පෙරවරුවේදී බළපිටිය මූලික රෝහලේදී පවත්වන ලදී. හදිසි මරණ පරීක්ෂකවරයා සිද්ධිය වූ ස්ථානයද නිරීක්ෂණය කර ඇති අතර බළපිටිය මූලික රෝහලේදී සාක්ෂි සටහන් කර ගෙන තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ආර් එම් රූපසිංහ මහතා විසින් බළපිටිය මූලික රෝහලේදී පවත්වා තිබේ. හෙලි වූ සාක්ෂි හා වෛද්‍ය වාර්ථාව අනුව හිස් කබලට සිදු වූ බලවත් හානී හා අධික රුධිර වහනය හේතුවෙන් මරණය සිදුව තිබෙන බව හදිසි මරණ පරීක්ෂකවරයා විසින් නිගමනය කර තිබේ.

Comments

Popular posts from this blog

රනිල් ඉවතට..? නව අගමැතිවරයෙක්..?

ඩීසල් නෞකාවක් අද දිවයිනට